ජනපතිට ලෝක පාපන්දු කුසලානය පිළිගන්වයි

Share

2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

මෙම තරගාවලිය ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙයි.

ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

අද පෙරවරුවේ කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවට කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

Read more

Local News