ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර හයවන එක්දින තරඟය අද (25) පැවැත්වෙයි.

ඒ අනුව 10.30 සිට පන්දුවෙන් පන්දුවට සජීවීව තරඟය නැරඹීමට සියත ටීවී හා එක්වන්න.

23 පැවැති බංග්ලාදේශ – සිම්බාබ්වේ තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 91ක දැවැන්ත ජයක් හිමි වු නිසා බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් අපරාජිතව අවසන් මහා තරඟයට තේරී අවසන් ය.

ඒ අනුව මෙවර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කරන තීරණාත්මක තරඟය අද පැවැත්වෙයි.

ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් අවසන් මහා තරඟයට සහභාගී විමේ භාග්‍ය හිමි වෙයි.

අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩකයින් දෙදෙනෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් අබාධයකට ලක්වීම හේතුවෙන් සහභාගී නොවෙයි.

Read more

Local News