ජනපතිගේ නිවැරදි නායකත්වය ගැන විමල් කියන දේ

Share

රට නව යුගයකට පියමනින ගමන ශක්තිමත් කිරීම සඳහා සියල්ලන් පෙළගැසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

කොළඹ, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් වීම යනු රටක් වශයෙන් කොරෝනා බලපෑමෙන් බොහෝ දුරට ඈත් වී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කොරෝනා වසංගතය සාමාන්‍ය සමාජයට පැතිරීම වළක්වා ගැනීමට හැකි වුයේ ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය නිසාවෙන් බවද පැවසීය.

පසුගිය ආණ්ඩුව පැවතියේ නම් මෙම තත්ත්වය තවත් භයානක විය හැකි යැයි පැවසු අමාත්‍යවරයා, ඔවුන්ට පසුගිය කාලයේ සිදුවු සිදුවීම් කිසිවෙකුටත් නිසි ලෙස වන්දි ලබා දිය නොහැකි වු බවද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය හා පාතාල ඡාවාරම්කරුවන් මැඩලා රට ඉදිරියට ගමන් කරන බවත් ඒ සඳහා අපගේ ශක්තිය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News