ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ විහාරාධිපති ඝාතනය කරයි

Share

ඉඳුරුව – මහ ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ විහාරාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඝාතනය කර ඇති බව කොස්ගොඩ පොලිසිය පවසයි.

 

ඊයේ (28) දිනයේ යම්කිසි පුද්ගලයෙකු විසින් උන්වහන්සේව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

අද (29) උදෑසන විහාරස්‌ථානයට පැමිණි පිරිසක් බුද්ධානන්ද හිමි කැපුම් තුවාල සහිත ව බිම වැටී සිටින ආකාරය දැක ඒ බව කොස්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ.

පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි 73 හැවිරිදි වියේ පසු විය.

සිද්ධියට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Read more

Local News