පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන හා ස්මාකර මෙන්ම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු කෞතුකාගාර අද යළි විවෘත කෙරේ.
කොරෝනා ව්‍යාප්තියත් සමග මාස තුනකට අධික කාලයක් පුරා විද්‍යා නැරඹුම් ස්ථාන වසා දමා තිබිණ.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, මේ යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 11 ක් යළි විවෘත කෙරෙන බවයි.
සීගිරිය, දඹුල්ල,යාපහුව ඇතුළු සියලු පුරා විද්‍යා නැරඹුම් ස්ථාන ඇතුළු ස්මාරක අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි.




