විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ (30) පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

 

ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමිනි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේ පිහිටුවා තිබේ.