බ්‍රසීලයේ කොරෝනා මරණ ගණන ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් ඊයේ (30) දිනය තුළ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බ්‍රසීලයෙන් බව වාර්තා වේ.

 

ඊයේ දිනය තුළ පමණක් එරට කොරෝනා අසාදිතයින් 1271 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

බ්‍රසීලයේ මේ වනවිට මියගොස් ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59,656ක් බව සඳහන් වේ.

එරටින් ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 37,997 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,408,485ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News