ඌරු මස් සඳහා ලොව වැඩිම ඉල්ලුමක් ඇති රට මෙන්න

Share

ඌරු මස් සඳහා ලෝකයේ වැඩි ම ඉල්ලුමක් ඇති රට වන්නේ චීනයයි.

 

ලොව නිෂ්පාදනය කෙරෙන ඌරු මස් ප්‍රමාණයෙන් 50%ක් පමණ ආහාරයට ගනු ලබන්නේ චීන ජාතිකයින් ය.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනූව 1960 දශකයේදී චීනයේ ඒක පුද්ගල ඌරු මස් පරිභෝජනය කිලෝ 5ක් විය. එම ප්‍රමාණය 1980 වනවිට කිලෝ 20ක් වූ අතර එය මේ වනවිට කිලෝ හැටක් දක්වා වර්ධනය වී තිබේ.

නමුත් විවිධ රෝග පැතිරේ යැයි ඇති බිය නිසා ඌරු මස් නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි දැඩි ලෙස පරීක්ෂාකාරී වීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම නිසා එය තවත් තිවෘර විය. එසේම වසංගතයක් ලෙස පැතිර යා හැකියැයි සැක පළ කෙරෙන තවත් වෛරසයක් චීනය තුළ සිටින ඌරන් ගේ ඇති බව මීට දින කිහිපයකට පෙර වාර්තා වුණි.

මේ තත්ත්වය නිසා ඌරු මස් වෙනුවට යොදාගත හැකි ආදේශකයක් ලෙස ශාක ප්‍රෝටීන් නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු වී තිබේ.

නමුත් එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම තවමත් අඩු බවත් එය ක්‍රමානුකූලව වර්ධනය වෙතැයි අනුමාන කෙරේ.

Read more

Local News