ජින්තුපිටියේ දී හඳුනාගත් කොරෝනා ආසාදිතයාගෙන් සමාජයට ව්‍යාප්තවීමක් නෑ

Share

ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී ඊයේ (02) කොළඹ ,ජින්තුපිටිය ප්‍රදේශයේ දී හඳුනා ගත් පුද්ගලයාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

 

එම පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ දින 14ක් නිරෝධායනය වී තවත් දින 14ක් නිවෙස තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

පළමු දින 14ක නිරෝධායන කාලසීමාවකින් පසු සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ඔහු ආසාදිතයෙකු නොවන බව හඳුනා ගෙන තිබුණි.

අනතුරුව එම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ නිරෝධායනට ලක්වෙමින් සිටිය දී නැවත සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ආසාදිතයෙකු බවට තහවුරු විය.

Read more

Local News