දිවයිනේ PCR පරීක්ෂණ සංඛ්‍යාව 112,000 ඉක්මවයි

Share

කොරෝනා අසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට PCR පරීක්ෂණ එක් ලක්ෂ දොලොස් දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා පැවසුවේ, එම පරීක්ෂණ හරහා මේ වනවිට කොරෝනා අසාදිතයින් 2069 දෙනෙකු හඳුනා ගෙන ඇති බවය.

දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා තවදුරටත් ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා ආසාදිතයින් 195 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.

සුවය ලබා ඊයේ රෝගීන් 36 දෙනෙකු රෝහල්වලින් පිටව ගියහ.

ඒ අනුව සුවය ලැබු මුළු සංඛ්‍යාව 1863 කි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ හෝ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ය.

කෙසේ වෙතත් කොරෝනා දෙවන රැල්ලක් පැමිණේ යැයි තමා විශ්වාස නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

Read more

Local News