අමානුෂික ලෙස පහර දී අයෙක් මරුට

Share

හසලක පොලිස් වසමේ මොරයාය රෝහල අසල නිවසක කාමරයක් තුළ අමානුෂික ලෙස පහර දී තුවාල ලබා සිටි පුද්ගලයෙකු මොරයාය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

 

මොරයාය රෝහල අසල නිවසක පුද්ගලයෙකුට පහරදී සඟවා සිටින බවට හසලක පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා තුවාල ලබා සිටි පුද්ගලයා රොහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වු මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඝාතනය පවුල් ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

Read more

Local News