කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන ඉන්දියාවට

ඉන්දියාව කොවිඩ් නයින්ටීන් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත.

 

ඒ රුසියාව අභිබවා ගොසින්ය.

ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව සඳහන්.

ඉන්දියාව තුළ අද වන විට සිදුව ඇති සමස්ත මරණ ගණන 19,700කි.