ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Share

නුවරඑලිය සිට මස්කෙලිය දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබේ.

 

එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

අද (06) දින උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ කාල්බර්ග් වත්ත ප්‍රදේශයේදිය.

පොලොන්නරුව සිට සහල් ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් නුවරඑලිය නගරයට සහල් අලෙවි කර මස්කෙලිය දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

අධික බැවුම් සහිත එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

Read more

Local News