මහරගම බුබුලා අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන සිටින “ගගන“ නමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන සරත් ඒකනායක නොහොත් “මහරගම බුබුලා“ අත්අඩංගුවට ගෙන තිබේ.

 

හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නිපිටිය නියඳගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

නියඳගල ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී අඩි දෙක සහ දෙකහමාර බැගින් දිග තියුණු ආයුධ කිහිපයක් සහ නිවසේ උඩුමහලේ වගා කර තිබු ගංජා පැළ තවානක් ද, පොලිස් බාරයට ගෙන තිබේ.

ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයාගේ වත්කම් සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට හෝමාගම පොලීසිය මේ වන විට පියවර ගෙන ඇති අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන “ගගන” සමග පවතින සබදකම් පිළිබඳව ද, පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු මේ වන විට පොලීසිය බාරයේ රඳවා තබාගෙන පරීක්ෂණ සිදුකෙරෙන අතර අද (07) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News