සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසෙයි

Share

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග අද සිට දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

 

වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ (07) දිනයේ දීම  තාවකාලිකව නවතා දමන ලදී.

කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙක් එම කටයුතුවලින් පසු පොළොන්නරුව බන්ධනාගාරය වෙත ජුනි 26 වැනිදා භාර දී තිබුණේ  ය.

අනතුරුව ඔහුව ජුනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන තිබේ.

ඒ අනූව රැඳවූවාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ ආරම්භ වි ඇති අතර එම ආශ්‍රිතයින් පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කරනු ලැබීය.

Read more

Local News