කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරයේ කටයුතු ලබන සඳුදා සි⁣ට

Share

කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත කළ, PCR පරීක්ෂණාගාරයේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

පළමු අදියරේදී විදේශවල සිට මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයින්ගේ PCR පරීක්ෂණ මෙම රසායානාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.

එම සියලු පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම PCR පරීක්ෂණාගාරයේ දැනට පවතින ධාරිතාව අනුව දෛනිකව පරීක්ෂණ 500 ක් සිදුකළ හැකියි.

එම ධාරිතාව ඉදිරියේදී 1000 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරයක් නොමැති විම හේතුවෙන් පසුගිය කාලයේ දිවයින රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා ආසාදනය වී ඇත්දැයි තහවුරු කිරීමේ PCR පරීක්ෂණ පිටතින් කිරීමට සිදුවිය..

Read more

Local News