නාවික හමුදාවේ 895 ක් සුවය ලබයි

Share

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 895ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා “IDH“ රෝහලින් ප්‍රතිකාර ලබා ඊයේ (09) දින පිටව යෑමත් සමගය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 11 දෙනෙක් පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News