පොලීස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

මොරටුව, ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එම ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු බාධා සිදුකර ඇත.

අදාළ පුද්ගලයාගේ ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමට යාමේ දී එම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී ඇති බවත් පොලිස් නිලධාරීන් දෙසට ගල් මුල්වලින් පහරදුන් බවත් පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වූ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News