T-56 ගිනි අවි 02ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Share

හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු ටී-56 ගිනි අවි 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම ගිනි අවි පසුගිය ජුනි මස 29 දින පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් පාතාල කල්ලි සාමාජිකයින් විසින් සඟවා තිබු ගිනි අවි ගබඩාවට අයත් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read more

Local News