බාස්මතී සහල් මිලදී ගැනීමේදී විමසිලිමත්වන්න

Share

දිගටි සුදු සහල්, බාස්මතී සහල් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.

 

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පිටකොටුවේ වෙළෙඳ සැල් කිහිපයකින් එවැනි සහල් තොග හමු වූ බවය.

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත අදාළ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

එහිදී වෙළෙඳ සැල්වල බාස්මතී ලෙසින් අලෙවි කරන සහල් සාම්පල, පරීක්ෂාව සඳහා යොමු කිරීමේදී ඒවා දිගටි සුදු සහල් බව අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

අදාළ වෙළෙඳ සැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

බාස්මතී සහල් මිලදී ගැනීමේදී විමසිලිමත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

එවැනි වෙළෙඳ සැල් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

Read more

Local News