ලොව මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

Share

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මේ වන විට එක්කෝටි තිස් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

 

ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ එක්දහසකට අධික බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර දිනක් තුළ හඳුනාගත් වැඩිම ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ දී වාර්තා වී ඇත.

කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන ඊයේ දිනය තුල පමණක් දෙලක්ෂ තිස්දහස් තුන්සිය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින්.

Read more

Local News