විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි

Share

පවතින තත්ත්වය අනුව අද(14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

 

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වන විට නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තාවකාලිකව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම නතර කළ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

Read more

Local News