සුවය ලැබු නාවිකයින් ගණන 898ක් දක්වා ඉහළට

Share

නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 898ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් නාවික සාමාජිකයින් තිදෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග යි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක්.

මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 9 දෙනෙක් පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Read more

Local News