රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයකින් හප්පයි

Share

හක්මන පොලිස් වසමේ කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු ටිපර් රථයක් යටකර පළාගොස් ඇති අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති  අතර අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

 

ඊයේ(13) රාත්‍රී 11ට පම කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වු ටිපර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇත. ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන් ටිපර් රථය ලුහුබැඳ ඇත.

මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ ඉහත නිලධාරීන් ද එම ස්ථානයේ සිට ඇත.

Read more

Local News