නාවික හමුදාපති අද විශ්‍රාම යයි

Share

නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15)  සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් අද සිය ධුරයෙන් විශ්‍රාම ගැණෙන බව සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (14) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා, වයිස් අද්මිරාල් ධුරයේ සිට අද්මිරාල් ධුරයට උසස් කළේය.

Read more

Local News