රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

Share

දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය හා ක්‍රියාකාරීත්වය, ජනතා කැපවීම යන කරුණු මත මෙරට කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය රඳා පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ සංචරණ සීමා කිරීම් සඳහා නීති නොමැති අවදියක අවම වශයෙන් මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි පරීක්ෂා කිරීම හෝ සිදු කළ යුතු බවය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරියට දුන් වාර්තාවට අනුව මසකට අවම වශයෙන් පරීක්ෂණ 68000ක්, එනම් අවම වශයෙන් දිනක දී පරීක්ෂණ 2500ක් පමණ සිදුකළ යුතු බවත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ එක් දිනක දී සිදුකළ සාමාන්‍ය පරීක්ෂණ ප්‍රමාණය 2000ට වඩා අඩු බව එම සංගමය පවසන්නේ.

මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය බවත් මෙරට තුළ දැනට සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම රෝගීන් වාර්තා වන මුල් අවදියේම රෝගීන් හඳුනාගැනීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම මඟින් එම රෝගීන් ආශ්‍රිතව පොකුරු වාර්තා වීම වළක්වා ගතහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

Read more

Local News