ගාලු පාරෙන් කොටසක් වසයි නිදහස් දින සැමරුමේ පෙර පුහුණුවිම් කටයුතු හේතුවෙන්

Share

70 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙර පුහුණුවිම් කටයුතු හේතුවෙන් ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වසාදමන බව පොලිසිය පවසයි.

පොලිසිය ප්‍රකාශ කළේ ලබන 28, 31 සහ පෙබරවාරි මස 01,02 සහ 03 වන යන දිනයන්හි ගාලු පාරේ, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා කොටස මෙලෙස වසා තැබෙන බවයි.

උදෑසන 07.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ අදාල මාර්ගය වසා තැබෙන බව සදහන්ය.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

Read more

Local News