නිමක් නොවන අමෙරිකානු කොවිඩ් රෝගීන්

Share

අමෙරිකාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව හතළිස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

ගතවු පැය 24 තුළ හඳුනාගෙන ඇති නව රෝගීන් 71, 442 දෙනාත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යව 4,100,875ක් ලෙස ඉහළ ගොස් තිබේ.

වැඩිම වෛරස අසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව හාරලක්ෂ 36,575 බව සඳහන් වේ.

සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 1,942,637ක් දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට අමෙරිකාවේ පුද්ගල මරණ 146,183ක් සිදුව තිබේ.

ගතවු පැය 24ක කාලය තුළ නව මරණ 1207 සිදු ව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News