ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අදයි

Share

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (26) පස්වරු 06.44 ට සුභ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කර තිබේ.

 

පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියට හැරී ඉදිරියට යාමට නියමිතව ඇත.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය මහජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන අතර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව පෙරහැර සංවිධානය කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සඳහන් කළේ, ඊයේ දින සිට මේ මස 29 දා දක්වා අභ්‍යන්තර පෙරහර 5 ක් ලෙස චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර පැවැත්වෙන බවයි.

මෙරට ප්‍රථම ඇසළ පෙරහැර මංගල්‍ය සිදු කෙරුණේ ක්‍රිස්තු වර්ශ 310 දී අනුරාධපුර රාජධානි සමයේ කිත්සිරි මෙවන් රජ දවසේදීය.

එතැන් පටන් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ඇසළ පෙරහැර මංගල්‍යය වර්ශ 1592 දී සෙංකඩගල පුරවරයේ ප්‍රථමවරට සිදු කෙරුණි.

අද පවතින ආකාරයට දළදා මාලිගාව පෙරටුකොට පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලවල සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍ය සිදු කිරීම ඇරඹුනේ වර්ශ 1753, කීර්ති ශ්‍රී රාජසිංහ රජදවසේදීයි.

Read more

Local News