පළාත් පාලන මැතිරවණය කල් දැමීමේ සූදානමක් නැහැ – මහින්ද දේශප්‍රිය මහතා

Share

වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා කියා සිටි.

බැදුම්කර විවාදය හෝ මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට ආදළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා පැවසීය.

රාජගිරියේ මැතිවරණ මහ ලේකම්කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදි අදහස් දක්වමින් සභාපතිවරයා තවදුරටත් පැවසුවේ මේ ඡන්ද විමසීම දිනක් හෝ කල්දැමීමට කොමිසම කැමැති නැහැ. ඡන්ද විමසීම කල් දාන්න කියා කිසිවකුත් මගෙන් ඉල්ලීමක් සිදු කර නැහැ. නිහඩ කාලයේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුවහොත් එම විවාදය මාධ්‍යයෙන් පළ කරන්න එපා කියා මාධ්‍යයට නිති දාන්නත් කොමිසමට බැහැ. මැතිවරණයක නිහඩ කාලයක් ලබා දී තිබෙන්නේ මහජනතාවට නිහඩව තීන්දු තීරණ ගන්නටයි. මගෙන් ඊයේ ‍පෙරවරුවේ සිට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කරනවා. පාර්ලිමේන්තුවට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ. කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.

ස්වභාවික ආපදාවකදී හැර මැතිවරණය කල් දැමීමට බැහැ. ස්වභාවික ආපදාවක් ඇති නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ කල් දමන්නේ නම් සති තුනකට එහා කාලයකට මැතිවරණය කල් දැමිය යුතුයි. එසේ කල් දැමුවහොත් මැතිවරණ අපේක්ෂකයන් ඔවුන්ගේ ආධාකරුවන් විශාල අසීරුතා වලට පත් වෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ කාලයක් බලා සිටී බවයි.

Read more

Local News