පෞද්ගලික රෝහල් නියාමනය කරනවා – ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක්

Share

රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ,
එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.
බේරුවල රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මෙම රෝහල බෝඩ් ලෑල්ලට පමණක් මුලික රෝහලක් වන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය ශල්‍ය, ළමා, නාරිවේද, වෛද්‍ය යන ක්ෂේත්‍ර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ද ලබාදෙනවා. මෙම රෝහලේ අඩුපාඩු සකස් කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් මීට පෙර වැය කර තිබෙනවා. අලුත්ගම රෝහල සහ දර්ගා නගර රෝහල ද සංවර්ධනය කරනවා. කළුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු කර තිබෙනවා. හදිසි අනතුරු අංශය, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, ළමා හා මාතෘ රෝහල ඇතුළු සියලු ම අංශ මෙහි සංවර්ධනය කරනවා යැයි ද කීය.
ශ්‍රී ලංකාවේ දෙවන ළමා හා මාතෘ රෝහල කළුතර ගල්අස්ස ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරන බවත් පානදුර රෝහල රුපියල් මිලියන 2600 ක ජර්මන් ණය ආධාර යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුනි.

Read more

Local News