ලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි ‘විලා’ මිය යයි

Share

ලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි එක් ගෝරිල්ලෙකු වන ‘විලා’ නමැති ගෝරිල්ලා මිය ගොස් තිබේ. මිය යන විට හැට වෙනි වියේ පසු විය.

1957 වසරේ දී කොංගෝවේ උපත ලද ‘විලා’ ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය බව සැන් දියේගෝ සෆාරි උද්‍යානය පවසයි. ඇය පරම්පරා පහකට “මාතෘ මූලිකයා” වූ බව සෆාරි උද්‍යාන බලධාරීන් පවසයි.

සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු අවුරුදු 35-40 අතර කාලයක් ජීවත් වේ.

දැනට මිනිස් ඇසුරේ ජීවත්වන වයස්ගතම ගෝරිල්ලා වන ටෘඩිගේ වයස අවුරුදු 61 යයි සැලකේ. ඇය ආකන්සෝහි ‘ලිට්ල් රොක්’ සත්වොද්‍යානයේ වාසය කරයි.

Read more

Local News