TikTok තහනම් කරන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

Share

ටික් ටොක් දුරකථන යෙදවුම තහනම් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

 

චීනය සමග පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලික දත්ත පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ටික් ටොක් දුරකථන යෙදවුම අමෙරිකාව තුළ තහනම් කිරීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත.

ධවල මන්දිරයේ සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයින් අතර පැවති හමුවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

අමෙරිකාවේ මිලියන 80ක පමණ පිරිසක් ටික් ටොක් පරිශීලකයින් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයින් සඳහන් කර ඇත.

Read more

Local News