කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

Share

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනත් රටවල රැඳී සිටින ලාංකික ශ්‍රමිකයින් 8000 කට රැකියා අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, මේ වනවිට විදෙස් රටවල රැඳී සිට කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි පිරිස් අතර ද විගමනිකයින් 10,000ක් වන බවය.

විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිළිබඳ සොයා බැලීමට කෙරෙන සමීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Read more

Local News