ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද

Share

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ ආරම්භ වේ.

 

නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පැවසීය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ද ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ.

Read more

Local News