මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන් 8000ක් සේවයට

Share

මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 කට අධික පිරිසක් අනියුක්ත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම නිලධාරීන් ස්ථානගත කිරීම් අද සිට ආරම්භ කර ඇති බවයි.

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා දීපව්‍යාප්ත ජංගම මුර සංචාර 3000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

Read more

Local News