ඡන්දය ප්‍රකාශ වීම මන්දගාමී ස්වභාවයක් – කැෆේ සංවිධානය

මහ මැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (05) උදෑසන 7 සිට මේ දක්වා සිදුවීම 67ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ, මේ අතර මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ බවය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, සයින්දමරුදු කල්මුණේ ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය පිළිබඳව විමසීමේ දී අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ වීම මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයින් 2200ක් යොදවා ඇත.