මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2839ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2839ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (06) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 05 දෙනාත් සමගයි.

ඊයේ දිනයේ හඳුනාගැණුනු රෝගීන් අතර විදෙස්ගතව පැමිණි පුද්ගලයින් තිදෙනෙක් වෙයි.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායනයට වෙමින් සිටි සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හඳුනාගත් බවය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 291 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News