අමෙරිකාවෙන් ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීමට සහය

Share

ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත් දායකයින්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් සකස් කළ ද්විපාර්ශවීය ගිවිසුමට අත්සන් තැබීම ඉදිරිදිනකදී සිදුකිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් සාම බලකායේ ප්‍රධාන විධායක නිලධාරී ෂේලියා ක්‍රොව්ලි දිවයිනට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පරිදි අමෙරිකානු සාම බලකායේ නියෝජිත පිරිසක් මීට පෙර 2017 මැයි 14– 26 දිනවලදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කළ අතර එම නියෝජිත කණ්ඩායමේ නිර්දේශය මත අමෙරිකානු සාම බලකාය විසින් තම ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

Read more

Local News