තවත් කොවිඩ් ආසාදිතයින් 12ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

පනාගොඩ යුද හමුදා රෝහල, කාත්තන්කුඩි, මුල්ලේරියාව සහ මිනුවන්ගොඩ යන මූලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2576 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.