අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

Share

මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක්කර තිබේ.

 

චීනයේ මෙරට වැඩබලන තානාපති “හූ වෙයි” මහතා ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් එක්කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව අවස්ථාවක් උදා වී ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා රජයට චීනයේ සහය හිමි වන බව එහිදී අවධාරණය කර තිබේ.

Read more

Local News