මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළට

Share

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (09) දිනයේ අලුතින් හඳුනාගැණුනු ආසාදිතයින් තිදෙනා ද සමගයි.

ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 254 කි.

සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2579ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News