පසුගිය සෙනසුරාදා (08) සවස වැලිවිට මාලඹේ ප්‍රදේශයේ දී පිලිපීන ජාතික කාන්තාවක් දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එම කාන්තාව සිටි නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එම අපරාධය සිදු කිරීමට තැත් කර ඇති බව පොලීසිය පවසයි.
එම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් වන විට ඒ පිළිබඳ ව පොලීසිය දැනුවත් කර ඇත.
ඇය ලබාදුන් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




 
                                    