අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ගණන ඉහළට

Share

2020 වසරේ මුල් මාස 6 තුළදී, ඉකුත් වසර වලට සාපේක්ෂව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.

 

එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී අමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේ අමෙරිකානුවන් 2,072 ක් පමණි.

මෙම පර්යේෂණය කර ඇත්තේ “බැම්බ්‍රිජ් එකවුන්ට්ස්” නම් ආයතනය කි.

“මින් බොහෝ දෙනෙක් මේ වන විටත් අමෙරිකාවෙන් ගිහිල්ලා. ඔවුන්ට හිතිලා ඇති දැන් ඇති කියලා”.

“අපි ට පෙනෙන විදියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ක්‍රියාකලාප, කොරෝනා වසංගත තත්ත්වය හසුරුවන අකාරය සහ අමෙරිකාවේ වර්තමාන දේශපාලන ප්‍රතිපත්ති ගැන ජනතාවට ඇතිවෙලා වගේ”. ඉදිරියේදී තව තවත් පුද්ගලයින් අමෙරිකානු පුරවසිභාවයෙන් මිදීමට ඉඩ ඇති බවද එම පර්යේෂණ ආයතනය පවසයි.

Read more

Local News