අමෙරිකාවේ ළාබාලතම බිලියනපතිනිය

Share

අවුරුදු 20ක් වැනි ඉතාමත් ළාබාල වයසකදී ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකය ජය ගැනීමට හැකිවිම පුදුමයකි. ඇය නම්න් කයිලි ජෙනිෆර්ය. ඇය උපත ලබන්නේ 1997 වර්ෂයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්වලදීය.
මෙම වයසේ බොහෝ තරුණ තරුණියන් තවමත් යැපෙනුයේ දෙමව්පියන්ගෙන් වීම නිසාය. නමුත් දෙමව්පියන්ගේ මුදල් පරිහරණය නොකරමින් ස්වෝත්සාහයෙන් මෙවැනි උසස් තලයකට පැමිණීමට නම් දැඩ් උත්සහයක් සහ කැපවිමක් තිබිය යුතුමයි.
ඇමෙරිකාවේ පවුලක ළාබාලම දියණිය වූ ඇය එසේත් නොමැතිනම් ඇමෙරිකාවේ රියැලිටි තරු පොකුරක සුරතලියක් වූ කයිලි ජෙනිෆර් ගැන ෆෝබ්ස් සඟරාවේ පල වීමත් සමග බොහෝ දෙනා ඇය ගැන කතා කරන්නට විය.
රියැලිටි තරු පවුලක් ලෙස නම් දැරු කාඩේෂියන් පවුලේ සමාජිකාවක් වන ඇය ඇමෙරිකානු නිරූපණ කලාවේ තරුවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියකි. ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක මුදලකට අවුරුදු 20ක් වැනි අඩු වයසකින් හිමිකම් කියන්නට ඇය සමත් බව පසුගියදා ෆෝබ්ස් සඟරාව මගින් ප්‍රචාරයට පත් විය.
තම උත්සාහයෙන් දියුණු වූ ලොව ළාබාලතම කෝටිපතිනිය බවට පත්වීමේ මගට කයිලි මේ වන විටත් පියනගම්න් සිටින බවට ෆා්බ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.
ඇය ලොවම හඳුනන රූපවාහිනී රියැලිටි තරුවකි. තවත් ලෙසකින් නිරූපිකාවකි, සමාජ මාධ්‍ය තරුවක් සේම ලොවම පිළිගත් රුපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක හිමිකාරිණියකි. ඇගේ දෙමව්පියන් කෙට්ලින් ජෙනර් හා ත්‍රිස් ජෙනිෆර් වන අතර කාර්ඩිෂන් පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙකු වේ. කිම් කාර්ඩිෂන්ද ඇගේ සහෝදරියක් වන අතර මේ පවුලම එක් අතකින් රූපවාහිනී තිරයේ බැබලෙන තරු පොකුරක් ලෙස හැඳින්ව්ය හැකිය
කයිලිගේ සහකරුවා වන්නේ රැප් ගායක ස්කොට් (Travis Scott) වන අතර මොවුන් දෙදෙනා අතරට මේ වසරේ එක්වුණ සිඟිති දියණියක්ද සිටින අතර, ඇය නමින් Stormi Webster නම් වේ.
මෙවන් ධනවත් පවුල් පසුබිමකින් පැවත ආවද කයිලි ප්‍රකෝට්පතිනියක් වන්නේ ස්වෝත්සහයෙන් වීම සුවිශේෂී වේ. සාමාන්‍යයෙන් අප ජීවත්වන සමාජයේ නම් වයස අවුරුදු 20ක තරුණියක් යනු එක් අතකින් උසස් අධ්‍යාපනය හදාරන්නියක් හෝ වගකීම් විරහිතව දෙමවුපිය සෙනෙහස ලබමින් ජීවත් වන්නියකි. නමුත් කයිලි ඒ කඩඉම පවා පසුකර මේ වයස වන විට විශාල ප්‍රාග්ධනයකට උරුමකම් කියා තිබේ. කයිලි කොස්මැටික්ස් නම් සන්නාමය යටතේ තම වෙළෙඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ඇයව මේ වන විට ලොව නොදන්නා කෙනෙකු නොමැත.
රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිකාරිනියක් ලෙස ඇය තම වෘත්තිය ආරම්භ කර ඇත්තේ මීට වසර තුනකට පෙරය. එනම් 2015 වර්ෂයේදීය. කයිලි වෙළෙඳ නාමය යටතේ රූපලාවණ්‍ය නිෂ්පාදන හඳුන්වා දෙන්නට කටයුතු කළ ඇය විශේෂයෙන්ම කාන්තාවන්ගේ දෙතොල් විශාල කර පෙනෙන පරිදි ප්‍රදර්ශණය වීම සඳහා භාවිත කළ හැකි විවිධ ආලේපන රැසක් ඇය විසින් මේ වන විටත් හඳුන්වා දී තිබේ.
කයිලි වුවද තමාගේ දෙතොල් තාවකාලිකව විශාල කර ගැනීමේ ක්‍රම අනුගමනය කරන බව වරක් මාධ්‍ය හමුවේ පවසා සිටියද, එසේ ලබාගත් එන්නත් නතර කර දමා ඇති බව මෑතකදී ඇය විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ තම නිෂ්පාදනයන්ගේ තොල් ආලේපන මගින් ඒ හා සමාන අලංකාර පෙනුමක් ලබාගත හැකි නිසාවෙනි.
අනෙකුත් රූපලාවණ්‍ය නිෂ්පාදනයන්ට වඩා වැඩි ඉල්ලුමක් ඇති ඇගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීම මගිනි.
මේ වන විට ඇගේ නිෂ්පාදනයන් ලොව පුරා ව්‍යාප්ත ඇති අතර, අන්තර්ජාලයේ පළකර සුළු මොහොතක් ඇතුළත එම නිෂ්පාදන සියල්ල අලෙවි විම සිදුවේ. ඇයගේ නිෂ්පාදන අතර, තොල් අලේපන, ඇස් අලේපන හා මුහුණේ පැහැපත් භාවය සඳහා වන නිෂ්පාදන අලේපන වර්ගද වේ.කයිලි රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සදහන් කරයි. ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවක වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 320කි. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි වූ කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමෙරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ පසුවේ.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23 වන විට බිලියන ගණනක වත්කමක් හිමි වූ අතර, ඔහුට වඩා අඩු වයසකදී කයිලි අතිවිශාල ධනස්කන්ධයකට උරුමකම් කියා තිබේ.
කයිලිගේ සොහොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ පවා වත්කම්වල වටිනාකම වන්නේ ඩොලර් මිලියන 350කි.
මෙතරම් කුඩා වයසකින් කාන්තාවක් ව්යවසායිකාවක ලෙස ඉදිරියට යෑම ඇත්තෙන්ම අප අගය කළ යුතුය. තමාගේ මවගේ පියාගේ මුදලින් ජීවත් වන්නට හා තත්ත්වය රැක ගන්නට වෙර දරන මිනිසුන් සිටිනා සමාජයක ඇගෙන් ගත හැකි ආදර්ශ බොහෝය.
කෙසේ නමුත් මේ සුරූපිනිය මේ වනවිට සිය තෙවැනි නිවස වන හිඩ්න් හිල්ස් ප්රදේශයේ පිහිටි නිවසක් පවා මිලදීගෙන තිබේ. වර්ග අඩි 12,000ක ප්‍රමාණයකින් සමන්විත මෙම නිවෙස නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර, ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත වේ. කයිලි ජෙනර් මිලදීගත් මේ නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක් වන බව විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි.
ඉන්පසු ටික දිනක් යන විට මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඇය හිඩ්න් හිල්ස් ප්‍රදේශයේම ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් වටිනා තවත් සුඛෝපබෝගි නිවසක් මිලදී ගනු ලැබිය. එය නිදන කාමර 08ක්, නාන කාමර 11ක්, මුළුතැන් ගෙයක් හා නාන තටාකයක් සහිත සුන්දර නැරඹුම් ස්ථානයකින් යුක්ත වන්නේය. මේ නිවස අවට ජෙනිෆර් ලෝපෙස්, මිලී සයිරස් සහ ජෙසිකා වැනි කලාකාරියන්ගේ නිවෙස්ද පිහිටා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කයිලිගේ වැඩිමහල් සොයුරිය වන කිම් කාර්ඩිෂන් සහ ඇගේ සැමියා වන කාන්යෙ වෙස්ට්ද ඒ සමීපයෙහි පදිංචිව සිටින බවට සඳහන් වෙයි.
2007 වර්ෂයේදී ක්ෂේත්‍රයට පිවිසුණු ඇය ඉතාමත් සීමිත කාලයක් තුළ ඉතා ධනවතෙකු වූ කාන්තාවකි. Keeping Up with the Kardashians නම් රියැලිටි වැඩසටහන තුළින් නිවේදන ආරම්භ කළ ඇය 2007 වර්ෂයේ සිට එහි නිවේදිකාවක ලෙස කටයුතු කරයි.

Read more

Local News