අමුත්තන්ට සෙනසුරාදා සිට රැඳවියන්ව හමුවිය හැකියි

Share

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සෙනසුරාදා (15) සිට ඉවත් කරන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

 

ඒ මහතා පවසා සිටියේ, නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි.

එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වන අතර ඔවුන්ට කෑම ගෙනඒම තවදුරටත් තහනම් බව බන්ධනාගාර කොමසාරිස් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News