සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කරයි?

Share

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

 

ඔහු කියා සිටින්නේ අදාළ නාම ලේඛනය අද(13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි.

ඊයේ (12) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

Read more

Local News