ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්දය තහනම් කරයි – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනමක්

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත. මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.

බලයලත් නිලධාරීන් තම නාමයෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ බවත්, එමගින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් කියමින් එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

 

Read more

Local News