පාසල් ක්‍රිකට් ගොඩනඟන තුන් අවුරුදු ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි

Share

ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය කාලයේ පැවති පසුබෑම සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන, ඒ සඳහා දිගුකාලීන විසඳුම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැලස්ම සකස් කිරීමේ කමිටුව ස්ථාපිත කරනු ලැබූ අතර එම කමිටුව විසින් පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.

එම සැලැස්ම 2018 දී ආරම්භ කර තුන් අවුරුදු කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි ප්‍රගති සමාලෝචනය කිරීමේ හා පිහිටුවාගන්නා ලද අනුකමිටුවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් පැවැත්විණි.

එහි දී පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති පාසල් ක්‍රීඩකයින් සඳහා දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, තෝරාගත් ක්‍රීඩාංගන කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සංවර්ධනය කිරීම, පාසල් ක්‍රිකට් තාක්ෂණික දැනුම සංවර්ධනය, පාසල් ක්‍රිකට් තරග රටාවේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සහ ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රිකට් භාර ආචාර්යවරුන් බලගැන්වීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා විය.

Read more

Local News