හිටපු පොලිස්පති පූජිත් ජනපති කොමිසමට පැමිණෙයි

Share

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

 

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස පසුගිය දා නම් කරනු ලැබීය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන් වන හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී චිත්‍රානන්ද වික්‍රමසේකර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් ද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

Read more

Local News